2009-04-14

සුභ අළුත් අවුරුද්දක් වේවා...

සියළු ශ්‍රී ලංකිකයන්ට සාමය සතුට පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.............

2008-04-24

ස්වර්ණමාලී මහා චෛත්‍යය

ස්වර්ණමාලී මහා චෛත්‍යය
දුටුගැමුණු රජතුමාගේ විශාලතම ශාසනික සේවාවන්ගෙන් එකකි. සද්ධාතිස්ස රජතුමා මෙහි වැඩ අවසන් කරවන ලදී. රත්රන් බුද්ධ ප්‍රතිමා දෝනයක් පහණ ස‍වර්‍වඥ ධාතුන් හා අගනා රන් රිදී මුතු මැනික් නිධන් කර ඇත. ධාතු පරිනිර්වානයේදී මෙම චෛත්‍යය මත බුද්ධ ශරීරය මොයහාතක් දර්ශනයවේ. වට අඩි 1000 වේ.
Blogged with the Flock Browser

2008-04-19

ශ්‍රී ලංකායවේ බෞද්ධ සිද්ධස්තාන - නාගදීප විහාරය

ශ්‍රී ලංකායවේ බෞද්ධ සිද්ධස්තාන
අද සිට මා මගේ ලංකාව බ්ලොග් පි‍‍ටුව තුලින් ශ්‍රී ලංකායවේ බෞද්ධ සිද්ධස්තාන පිලිබද කෙටි විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමි.

අද 2008 බක් පුර පසලොස්වක පොහොයයි. බුදු පියාණන් වහන්සේ දෙවන වරට ශ්‍රී ලංකාවට පැමිනියේ බුදුවු පස්වන අවුරුද්දේ අද වන් බක් මස අව පසලොස්වක දාක නාගදීපයේ චුලෝදර මහෝදර නා රජුන් අතර මිණිපලඟක් නිසා ඇතිවූ අරගලයක් සමතයකට පත්කිරීමටයි.එම නිසා නාගදීප විහාරයෙන් අරබමි.

නාගදීප විහාරය
නා රජුන් විසින් අරගලයට හේතු වු මිණිපලඟ නිධන් කර බුදු පියාණන් වහන්සේ වැඩ සි‍ටි තැන රාජායතන නමින් චෛත්‍යක් කරවන ලදී. පසු කලෙක දේ‍වානම් පියතිස්ස රජු,මහල්ලත නාග රජු,වොහාර තිස්ස,2වන අග්බො රජු,දුටු ගැමුනු රජු, භාතිකාභය රජු,මහා පැරකුම්බා ආදී රජවරු වරින් ‍වර මෙම චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරවන ලදී. මෙම චෛත්‍යයට දැනට වසර 2592 පමණ වේ. නයිනතිව් ලෙස අද හදුන්වන මෙම දුපතේ පිහිටි නාගදීප වෙහෙරට ත්‍රස්තවාදී උවදුර දුරුවූ විගස කිසිදු බාදාවකින් තොරව යාමට සියලු ශ්‍රී ලාංකිකයන්ට හැකිවේවා පතමි.


Blogged with the Flock Browser

ඔබට නිවන් සුව පතම්

"යසරුවන් ගුණතිලක වෙනුවෙන්"
Blogged with the Flock Browser

2008-04-15

ශ්‍රී ලංකාවේ ඓතිහාසික රාජ යුග පිලිබද විස්තර

ශ්‍රී ලංකාවේ  ඓතිහාසික රාජ යුග පිලිබද විස්තර

තම්මැන්නා යුගය -      බු.ව  543 - 505 කාලය
උපතිස්ස ග්‍රාම -         බු.ව  526 - 504  කාලය
පඩුවස්නුවර -               බු.ව  504 - 474 කාලය
අනුරාධපුර යුගය -       බු.ව  473 - 1017 කාලය
පොළොන්නරු  -         බු.ව  1016 - 1215 කාලය
දඹදෙනිය  යුගය -        බු.ව  1215 - 1272 කාලය
යාපහුව යුගය -            බු.ව  1272 - 1300 කාලය
කුරුණෑගල යුගය  -     බු.ව  1293 - 1341 කාලය
ගම්පොල යුගය -         බු.ව  1341 - 1415 කාලය
කොට්ටේ යුගය  -        බු.ව  1415 - 1514 කාලය
මහනුවර යුගය -          බු.ව 1514 - 1815 කාලය
පෟතුගීසි පාලන කාලය   -  1505 - 1796
ලන්දේසි පාලන කාලය -  1796 - 1815
ඉංග්‍රීසි පාලන කාලය -    1815 - 1948

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වාර්ථා ගතව ඇත්තේ බු.ව 543 පසුව සිටය.විජය කුමරුගේ පැමිනීමෙන් පසු ඇතිවූ රාජ්‍ය පාලනය 1815 දක්වා පැවතුනි.


තම්මැන්නා යුගය -      බු.ව  543 - 505 කාලය

බු.ව  543 - 505 කාලය තුල රජ කල විජය කුමරු ඓතිහාසික ඉන්දියාවේ රජ කල විජයබාහු රජුගේ පුතුනුවන්ය.ඳගකාර හැසිරීම් වලට දඩුවමක් ලෙස තවත් 700ක් කුමාර වරුන් සමග විජය කුමරුව රටින් පිටුවහල් කරන ලදී.කුමරු රැගත් නෞකාව ශ්‍රී ලංකාවේ වයඹ මුහුදු තීරයට ලගා වූ අතර ලංකාවේ ගෝත්‍රික රජකුමරියක් වූ කුවේනිය හා එක්වී තම්මැන්නා රාජධානිය ඇතිකර වසර 38ක් පාලනය කල හ. පසුව විජය කුමරු කුවේනිය නෙරපා ඉන්දියානු කුමාරිකාවක් සරණපාවාගත්තත්  විජය කුවේනිට දාව දරුවන් දෙදෙනකු (දීගහත්ත සහ විසාලා) සිටි බවත් සිංහලයන් ඔවුන්ගෙන් පැවත එන බවට මතයක් පවතී.


උපතිස්ස ග්‍රාම -         බු.ව  526 - 504  කාලය
විජය කුමරුගේ මහ ඇමති ලෙස සිටි උපතිස්ස වසරක කාලයක් රජකම් කලහ.

පඩුවස්නුවර -               බු.ව  504 - 474 කාලය
වසර 30ක කාලයක් උපතිස්ස ග්‍රාමයම අගනුවර කරගෙන රට පාලනය කල පඩුවස් දෙව් රජතුමා ද විජය කුමරුගේ සහෝදරයාගේ පුතුනුවන් කෙනෙකි.ලංකාවේ ප්‍රථම ජලාශය වන අභය වැව ඉදිකරන ලද්දේ පඩුවස් දෙව් රජතුමාය. ඉන්දියානු කුමාරිකාවක් සරණපාවාගත් රජතුමාට පුතුන් 10කුත් එක දූ කුමාරි කාවකුත් සිටි අතර ඇය උම්මාද චිත්‍රාය.

අනුරාධපුර යුගය -       බු.ව  473 - 1017 කාලය
අනුරාධපුර රාජධානිය ඉදිකලේ පණ්ඩුකාභය රජුය. පණ්ඩුකාභය රජතුමා උම්මාද චිත්‍රාගේ පුතුනුවන්ය.
මෙම රාජ්‍ය කාලයෙන් පසු අනුරාධපුර රාජධානිය ම මුල් කරගෙන තවත් විශිෂ්ඨ රජ වරු කීපදෙනෙකුම රට පාලනය කලහ.
ඒ අතර දුටුගැමුනු රජතුමා, මහින්ද රජ තුමා ප්‍රමුකය.
Blogged with the Flock Browser

2008-04-09

මගේ දිවයින

උතුරු අක්‌ෂාංශ 5°.55' සහ 9°.51' අතරත් නැගෙනහිර දේශාංශ 79°.42' සහ 81°. 52' අතරත් ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන ශ්‍රී ලංකාව ඉන්දියා උප මහද්වීපයට දකුණු දෙසින් පිහිටි දිවයිනකි.

වර්ග කිලෝ මීටර් 65,610 ක්‌ වන මෙය ලෝකයේ අනෙකුත් දූපත් හා සසඳන විට මධ්‍යම ප්‍රමාණයේ දූපතකි. විවිධ භු විෂමතාවයෙන් හෙබි අපූරු දූපතක්‌ වන මෙහි උතුරු කෙළවරේ පේදුරු තුඩුවේ සිට දකුණේ දෙවුන්දර තුඩුව දක්‌වා දිග කිලෝ මීටර් 447 ක්‌ වන අතර පළල ම කොටස බටහිරින් කොළඹ සිට නැගෙනහිරින් සංගමන් කන්ද තුඩුව දක්‌වා වේ. එම දුර ප්‍රමාණය කිලෝමීටර් 219 කි.

ලෝකයේ පැරණිතම භු ස්‌කන්ධයක්‌ වන දකුණු ඉන්දියාවේ ඩෙකැන් සානුවෙන් වෙන් වු කොටසක්‌ වන ශ්‍රී ලංකාවෙහි හුණුගලින් සෑදුණු උතුරේ යාපන අර්ධද්වීපයත්, වයඹ දිග වෙරළත්, නැගෙනහිර වෙරළෙහි තැනින් තැන දක්‌නට ලැබෙන පටු තීරු කිහිපයකුත් හැරණු කොට ප්‍රධාන වශයෙන්ම ස්‌ඵටික පාෂාණ වලින් නිර්මිතය.

විවිධ භු විෂමතාවයෙන් හෙබි අපූරු දූපතක්‌ වන ශ්‍රී ලංකාවේ භු විෂමතාව ප්‍රධාන වශයෙන් කලාප තුනකට බෙදේ. වෙරළබඩ තැනිතලාව, අභ්‍යන්තර තැනිතලාව හා මධ්‍යම කදුකරය ඒ ත්‍රිත්වයයි. වෙරළ තීරය කිලෝමීටර් 1670 පමණ දිගින් යුක්‌ත වන අතර එම වෙරළෙහි තුඩු, බොකු, ද්‍රෝණි, මෝය, කලපු හා දූපත් වැනි වෙරළබඩ ලක්‌ෂණ පිහිටා ඇත.

ලංකා ගීතය

ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා
සුන්දර සිරිබරිනි සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ඔබ වේ අප විද්‍යා
ඔබ මය අප සත්‍යා
ඔබ වේ අප ශක්ති
අප හද තුළ භක්ති
ඔබ අප ආලෝකේ
අපගේ අනුප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ

නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජයභූමී කරා
එක මවකගේ දරුකැල බැවිනා යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම හේද දුරැර දා නමෝ නමෝ මාතා

අප ශ්‍රී... ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා

ශ්‍රි ලංකා

ශ්‍රි ලංකා
ශ්‍රි ලංකා කොඩිය

මගේ යොමු